Friday, June 10, 2016

තීරණ ගැනීම හා ගැටලු විසදීම                                                      පිළිබඳ මනෝවිද්‍යා මූලධර්ම.


පටුන
1.     හැදින්වීම
2.     ගැටලු නිර්ණායක
3.     තීරණ ගැනීම හා ගැටලු විශ්ලේෂණය
4.     ගැටලු විසදීමේ විද්‍යාත්මක ක්‍ර‍මය
5.     තීරණ ගැනීම පිළිබද සාර්ව මට්ටමේ ආකෘති.
6.     සාරාංශය
7.     ආශ්‍රිත ග්‍ර‍න්ථ













හැදින්වීම
මනෝ විද්‍යාව වූ කලී විශේෂයෙන් ගත් කළ ගැටලු විසදීම හා තීරණ ගැනීම විෂයෙහි වැඩි අවධානයක් යොමු කරන විෂය ක්ෂේත්‍ර‍ක් ලෙස හැදින් විය හැකිය. විවිධ ස්ථානයන්හි සහ සිද්ධින්හි පැන නගින ගැටලු නිරාකරණය කිරිමත් නිවැරදි ලෙස තීරණ ගැනීමත් සදහා මනෝ විද්‍යාවේ එන මූලධර්ම විශේෂයෙන් වැදගත් වේ.
          තීරණ ගැනීම හා ගැටලු විසඳීම අතර සමීප සම්‍බන්ධතාවයක් පවතින බව මනෝවිද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් විග්‍ර‍හ කිරීමකදී පෙනී යයි. සමහර මනෝවිද්‍යාඥයන් ප්‍ර‍කාශ කරන ආකාරයට
          සෑම තීරණයක්ම කිසියම්‍ ගැටළුවක විසඳීමකි.
 එසේම තවත් මනෝ විද්‍යාඥයින් පිරිසක් ප්‍ර‍කාශ කරන පරිදි තීරණ ගැනීම හා ගැටලු විසදීම අතර   සමානුපාතික සම්බන්ධතාවයක් පවතින බවයි.එය ප්‍ර‍කාශ කරනුයේ
       තීරණයක් ගැනීම යනු කිසියම්‍ ගැටළුවක් විසඳීමෙහි අවසාන පියවරයි.
‍     මෙ අනුව විග්‍ර‍හ කිරීමේදි ගම්‍ය වන්නේ තීරණ ගැනීම යන සංකල්පය විග්‍ර‍හ කිරීමෙදී  ගැටලු විසඳීම යන සංකල්පය කෙරෙහිද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.
ගැටලු විසදීම යන සංකල්පය කෙරෙහි අවධානය යොමු කිරීමට පළමුවෙන් තවත් කරුණක් අත්‍යවශයෙන් හදුනා ගත යුතුය. එනම් ගැටලුවක් යනු කුමක්ද යන්නයි.

. මනෝවිද්‍යාත්මක විග්‍ර‍හය අනුව ගැටළුවක් යනු සමහර කොන්දේසි දන්නා සහ සමහර කොන්දේසි නොදන්නා අවස්ථාවකි. එසේනම්‍ ගැටළුවක් යනු නොදන්නා දෙයක් නොවන බව කෙටියෙන් හදුනා ගත හැකිය.එසේම ගැටලු  විසඳීම මුළුමනින්ම අන්ධකාරයේ සිදු වන  ක්‍රියාකාරකමක් ලෙස හැදින්විය නොහැක්කේ මේ නිසාවෙනි.මේ ආකාරයෙන් ගත් කළ ගැටලු විසදීම වශයෙන් අර්ථ ගැන්වෙන්නේ
 යම්‍ පුද්ගලයෙක් නොදන්නා කොන්දේසි වල සිට දන්නා කොන්දේසි වලට ගමන් කිරීමකි. මෙය ගැටළු විසඳීමට පොදු වූ කාරණයක් නොවේ, තීරණ ගැනීමටද අදාල පොදු වූ සත්‍යකි.
ගැටලු නිර්ණායක
ගැටලු විසදීම හා තීරණ ගැනීම පිළිබදව පුද්ගලයාට තමන් විසදන ගැටලුව සම්බන්ධයෙන් ප්‍ර‍මාණවත් අවබෝධයක් පවතින බව පෙනී යයි. එසේ හෙයින් මනෝවිද්‍යාඥයින් විසින් අතීතයේ තමන් භාවිතයට ගත් වැරදි තීරණ හා නීවැරදි තීරණ යන පදය ඉවත් කොට ඇත.ඒ වෙනුවට ඵලදායි තීරණ සහ ඵලදායි නොවන තීරණ යනුවෙන් එක් කොට ඇත .
·        ඵලදායි තීරණ              -වඩා හොද ප්‍ර‍තිඵල ලබා දුන් තීරණ
·        ඵලදායි නොවන තීරණ - එපමන හොද ප්‍ර‍තිඵල ලබා නොදුන් තීරණ.
ගැටලු විසදීම හා තීරණ ගැනීම පිළිබද සාකච්ඡා කිරීමේදි එහි පැහැදිළි සංකල්පයක් වන්නේ ගැටලුව පැහැදිළි නම් තීරණ ගැණීම පහසුය යන්නයි. සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය වන්නේ ඵලදායි තීරණයකින් තම ගැටලුව අවසන් කිරීමයි. මේ නිසාවෙන් ගැටලුවේ ස්වාභාවයට ප්‍ර‍මුඛත්වය දෙනු ලැබේ. විශේෂයෙන් මනෝ විද්‍යාඥයින් ප්‍ර‍කාශ කරන පරිදි හොදින් ව්‍යුවහගත ගැටලු වලට අදාල ව වඩාත් ඵලදායි තීරණ ලබා ගත හැකි බවයි. ඒ අනුව මින් ගම්‍ය වන අදහස වන්නේ ගැටලුවේ ව්‍යුවහය අනුව ගැටලුවේ ස්වාභාවය වෙනස් වන බවයි.
          මේ අනුව ගැටලුවේ  ව්‍යූවහය මැන බලන නිර්ණායක 05 ක් මනෝ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබේ.
§  නිෂ්ටාවෙහි සංකීර්ණත්වය .
§  එම නිෂ්ටාව සාධනය කළ හැකි නිර්ණායකයන්ගේ පැහැදිළි බව.
§  ගැටලුව විසදීමට අවශ්‍ය කරණ තොරතුරු වල පැහැදිළි බව.
§  විකල්ප විසදුම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන කියාමාර්ගයන්හි පැහැදිළි බව.
§  කාලය.
කිසියම් අරමුණක් වෙනුවෙන් බලාපොරොත්තු වන අරමුණු එහි නිෂ්ටාව වශයෙන් සලකනු ලැබේ. එසේම ගැටලුවෙහි නිෂ්ටාව සරල නම් එම ගැටලුව වඩා හොදින් ව්‍යූවහත ගැටලුවක් සේ සලකනු ලැබේ.උදාහරණයක් ලෙස අනාගතයේ තමන් ලගා විය යුතු තත්වය කුමක් දැයි හිතන්නෙකුට ඒ පිළිබඳ පැහැදිළි අරමුණක් තිබේ නම් එම ගැටටලුව මැනවින් ව්‍යුවහගත වී ඇත.
එසේම දෙවන කරුනෙන් අර්ථවක් වන්නෙ ගැටලුවේ අරමුණු වලට අදාල උපාය මාර්ග හා ක්‍ර‍වේදය පැහැදිළි වේ නම් එය මනා ලෙස ව්‍යුවහගත වු ගැටලුවකි. ඉහත සදහන් කළ පරිදි තමන් ලගා විය යුතු තත්වය පිළිබද සිතන්නෙකුට මුදල් , අවශ්‍ය පහසුකම්, දැනුම  තිබේ නම් ගැටලුව මැනවින් ව්‍යුවහගත වී ඇත.
     තුන් වන නිර්ණායකයෙන් පැහැදිළි වන්නේ  ගැටලු විසදීම සඳහා තොරතුරු අවශ්‍ය වන අතර , එම තොරතුරු වල පැහැදිළි බවයි. එහිදි තොරතුරු වල පැහැදිළි බවක් තිබේ නම් ගැටලුව හොදින් ව්‍යුවහගත වී තිබෙන අතර එය විසඳා ගැනීම පහසු වේ . උදාහරණයක් ලෙස යම්  තත්වයකට ළගා වීමට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය කරනු ලබන සම්පත්, මූල්‍ය , දැනුම ලබා ගැනීම සදහා අදාල තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට තිබේ නම් ගැටලුවට විසදුම් ලබා ගැනීම පහසුය.
     හතරවන නිර්ණායකය තුළින් විකල්ප විසදුම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන කියාමාර්ගයන්හි පැහැදිළි බව කියවේ මෙයින් අදහස් වන්නේ ගැටලුව විසඳාගැනීම සඳහා ඇති කරගත් අරමුණට ළගා වීම යම් ආකාරයකින් අසාර්ථක වුව හොත් ඒ  වෙනුවට විකල්ප ක්‍රියා මාර්ග සුදානම් කර තැබිය යුතුය. උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපනය අසාර්ථක වුව හොත් තමන් ළගා විය යුතු තත්වය ළගා කර ගැනීමට වෘත්තිය අධාපන මාර්ගයකින්  හෝ අවශ්‍යතා සපුරා ගත  යුතුය.
පස් වන නිර්ණායකය වන්නේ කාලයයි. එහිදි විශේෂයෙන් ගැටලුවේ ව්‍යුවහයේ තීරණය කරන නිර්ණායකයක් ලෙස කාලය  වැදගත්ය. කිසියම් ගැටලුවක් විසදීම සඳහා ප්‍ර‍මාණවත් කාලයක් පවති නම් ගැටලුව හොදින් ව්‍යුවහ ගත වී ඇත. පුද්ගලයාට තීරණ ගැනීම අවශ්‍ය කාලය තිබේ නම් එය මනාව සංවිධානය කර ගත හැක.
     ගැටලුව විසදන්නා ගැටලුවේ කොටසක් ලෙස හැදින්විය හැකිය. බොහෝ පුද්ගලයන් ගත් විට ගැටටලුව අවබෝධ කරගෙන නොමැත . එවිට ගැටලුව ව්‍යුවහගත ස්වාභාවයෙන් මිදේ . මනෝ විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට තීරණ ගන්නා පුද්ගලයන්ගේ පෞර්ෂය ඔහු විසදන ගැටලුවේ තරමට වැදගත් බවයි.විශේෂයෙන් වඩාත් හොදින් ගැටලුවට යොමු වී ප්‍රයෝගික ලෙස තීරණ ගැනීමේ කුසලතාවක් ඇති පුද්ගලයාට වඩා ඵලදායි ලෙද එනම් යහපත් ප්‍ර‍තිඵල ඇති වන පරිදි ගැටලු විසදා ගත හැකිය. නමුත් දුර්වල පෞර්ෂයක් සහිත පුද්ගලයා ගැටලුව තවත් ව්‍යාකූල කර ගනී. එනම් ගැටලුව තවත් ගැටලුවක්  ලෙසම පවත්වාගෙන යයි.
     මෙම කරුණු කාරණා අනුව ගම්‍ය වන්නේ ගැටලුව විසදනු ලබන පුද්ගලයා යනු පරිබාහිරව බලා සිටින පුද්ගලයෙකු නොවේ යන්නයි. අත්‍යවශ්‍යායන්ම ඔහු ගැටලුවේ අංශයකි.
     උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයෙක් ගත් විට ඔහු ව්‍යවසායකයෙක් නොව ඔහු ගනු ලබන තීන්දු තීරණ ආයතනයේ සර්ථකත්වයට මග පාදනු ලබයි. ඔහු දුර්වල පෞර්ෂයකින් තීරණ ගනු ලබන්නේ නම් ආයතනය අසාර්ථක භාවයකට පත් වේ.
     තීරණ ගැනීම හා ගැටලු විශ්ලේෂණය
තීරණ ගැනීමේ චර්යාව ගත හොත් දත්ත විශ්ලේෂණය එහි ක්‍රියාකාරකමක් වශයෙන් ගත හැකිය. මක් නිසාද යත් තමන් මුහුන දෙන ගැටලුවට අදාල දත්ත විවිධ ක්‍ර‍වේද වලට විශ්ලේෂණය කිරිම මගින්  ගැටලු විසදා ගැනීමේ තීරණය ගත හැකි බැවිනි. මේ අනුව තීරණ ගැනීම හා ගැටලු විසදීම විද්‍යාත්මක් තාක්ෂණික ක්‍ර‍මවේද ඔස්සේ සිදු වන්නක් බව සමහර මනෝවිද්‍යාඥයන් තර්ක කරති.ඒ අනුව තීරණ ගැනීමේ චර්යාව හේතුවාදි ක්‍රියාවක් ලෙස හදුන්වනු ලැබේ


ගැටලු විසදීමේ විද්‍යාත්මක ක්‍ර‍මය
මෙහිදි විශේෂයෙන් මෙම ආකෘතිය යටතේ තීරණ ගැනීමේ විද්‍යාත්මක ක්‍ර‍මයක් විධික්‍ර‍මවාදින් විසින්   ඉදිරිපත් කර තිබේ. එය ගැටලු විසදීමේ විද්‍යාත්මක ක්‍ර‍මය වශයෙන් හැදින්වේ. එය පියවර කිහිපයක් ඔස්සේ දැකිය හැකිය.
·        නිරික්ෂණය
·        ගැටලුවේ සමස්ථය තේරුම්ගත යුතුය.
·        ගැටලුවේ සෑම අංගයක්ම සලකාබැලිය යුතුය.
·        ගැටලුව විශ්ලේෂණය කිරීම.
·        එක් එක් කොටසට විසදුම් යෝජනා කිරීම.
·        ගනු ලැබු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍මුඛතා ලයිස්තුවක් ක්‍රියාත්මක කිරීම.
·        ප්‍ර‍තිපෝෂණය
මෙහි නිරික්ෂණය අර්ථ ගැන්වෙන්නේ ගැටලුවට අදාල සියලු දත්ත ඒකරාශි කිරීමයි. උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයෙකු තීරණ ගැනීමට පෙර  මුල්‍ය, සම්පත් ආදි සියලු දත්තයන් සලකා බැලිය යුතුය.
මෙහි දෙවන කරුණින් අනාවරණය වන්නේ ගැටලුවේ සෑම අංශයක්ම තේරුම් ගත යුතු වන අතර එහි එක් එක් අංශ පමණක් තේරුම් ගැනීම ප්‍ර‍මාණවත් නොවන බවයි.ව්‍යාපාරිකයෙකු නම් තමා තිරණ ගැනීමට පෙර පාලක මණ්ඩලයේ අනුමැතිය පමණක් නොව අනෙකුත් කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
තුන් වන කරුණින් පිළිබිබු වන්නේ ගැටලුවේ සමස්ථයට අදාල සෑම අංගයක්ම විශ්ලේෂනය කිරිමයි. පාසල් සිසුවෙක් නම් උසස් පෙළ සදහා තමන් හදාරණ විෂයන් ගැන තීරණ ගැනිමට පෙර   එම විෂයන් තෝරාගැනීම තුළින් ආනාගතය සදහා කෙතරම් වැදගත්ද ,සාමාන්‍ය පෙළ  ප්‍ර‍ථිඵල ට සාපෙක්ෂව කැමති විෂය ධාරාවක්ද , අනාගත ඉලක්ක සදහා කෙතරම් දුරට බලපානු ලබයිද යන්න විමසිලි මත් විය යුතුය.
ගැටලුව විශ්ලේෂණය කිරීම තුළින් ඉහත ආකල්ප ක්‍රියාත්මක කිරීමට පහසුකම් , ප්‍ර‍තිඵල ආදිය විමසිමක් තිබිය යුතුය.
පස් වෙනි කරුණෙන් අදහස් වන්නේ ගැටලුවේ කොටස් වෙන් කරගෙන ඒවාට වෙන වෙනම විසදුම් ඉදිරිපත් කිරීමයි. එහිදි ගැටලුවේ කොටස් සම්බන්ධයෙන් තිරණ ගැණීම මෙහිදි සිදු වේ.
එහිදි පළමු , දෙවනු, තෙවනු වශයෙන් ප්‍ර‍මුඛතාවයන් මත ක්‍රියාත්මක වීමේ ලයිස්තුවක් සකස් කිරීම 6 වන අධියයෙදි සිදු වේ . විශේෂයෙන් මෙහිදි ක්‍රියාමාර්ග අනු පිළිවෙළට සකස් කිරීම විශේෂයෙන් මෙහිදි අදහස් වනු ලබයි.
ප්‍ර‍තිපෝෂණය යටතේදි තමන් ගනු ලැබු තීරණ ක්‍රියාත්මක කිරිමෙදි එහි සාර්ථකත්වය මැන බලනු ලබයි. පාසල් සිසුවෙක් නම් තමන් විෂයන් අසමත් කමක් දක්වනනේ කුමන විෂයන් වලටද එසේ වනනේ ඇයි තමන් ගනු ලැබු තීරණ මේ සදහා හේතු වුවාද යන්න ගැන අවධානය යොමු කළ යුතුය.එහිදි මෙය යථාර්ථවාදිව විමර්ශණය කළ යුතුය.
    තීරණ ගැනීම පිළිබද සාර්ව මට්ටමේ ආකෘති
ඉහත දැක්වු පරිදි විධික්‍ර‍ම වාදින් විසින් මෙලෙස ඉදිරිපත් කර තිබෙන විද්‍යාත්මක ක්‍ර‍මයට අමතරව තීරණ ගැනීම පිළිබද සර්ව මට්ටමේ තවත් ආකෘති කිහිපයක් දැකිය හැකිය.
                   I.            ආර්ථික විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍ර‍තිලාභ විශ්ලේෂණය.
                 II.            බුද්ධි ඵලය සහ පෞර්ෂය
              III.            අන්තර්වාර්තික සහ බහිර්වාර්තික පෞර්ෂ ප්‍රභේද.
මෙහිදි ප්‍රතිලාබ විශ්ලේෂණයෙදි යමක් කිරීමට යාමෙදි එහි පිරිවැයට සාපෙක්ෂව ප්‍ර‍තිලාබ ලැබෙන්නෙද යන්න විශ්ලේෂණය කරනු ලබයි.
මෙහිදි දැකිය හැක්කේ රැකියාවක් කිරිමට යාමෙදි පිරිවැය වශයෙන් පුහුණු කාලය මුදල් ආදිය දැක්විය හැකිය. එහිදි අපේක්ෂිත තත්වය ,වරප්‍ර‍සාද  , වැටුප මෙහි ප්‍ර‍තිලාබ වශයෙන් දැක්විය හැකිය.
මනෝ විද්‍යාත්මක මතයන්ට අනුව බුද්ධිඵලය හා පෞර්ෂය යනු විධිමත් පරික්ෂණයක් මගින් මිනිය හැකි විශ්ව සාධාරණ පොදු සාධකයන්ය. බුද්ධි ස්වාභාවය මත උචිත රැකියාව වෙනස් වෙයි.
බුද්ධියට සමානව පෞර්ෂයද තීරණ ගැනීම විෂයෙහි ප්‍ර‍මුඛතාවයක් දක්වනු ලබයි.එහිදි රේමන් කැටල් නම් මනෝ විද්‍යාඥයා අන්තර්වාර්තික පෞර්ෂ ප්‍රභේදයෙදි හුදකලා ලැජ්ජාශිලි සමාජශිලි නොවන වැඩියෙනුත් සිතන පුද්ගල කණ්ඩායමක් පෙන්වා දෙයි. ඔවුන් අධ්‍යාපන , ශාස්ත්‍රිය හා විද්‍යා පරික්ෂණ යන අංශයන් මොවුන්ගේ තේරීම වේ . එසේම බහිර්වාර්තික පුද්ගලයා සමාජශීලි දොඩමලු පුද්ගලයෙකු වේ මාධ්‍යවේදින් පිළිගැනීමේ නිළධාරින් යන රැකියා මොවුන්ගේ තෝරා ගැනීම වේ .එහිදි රැකියා තෝරා ගැනීම කෙරෙහි  බුද්ධිය සහ පෞර්ෂය විශේෂයෙන් බලපා තිබේ.
පුද්ගලයාගේ තීරණ ගැනීම කෙරෙහි ආත්ම සංකල්පය විශේෂයෙන් බලපානු ලබයි. එය තමන්ට සහජයෙන් හිමි වන හැගීමකි.එහිදි විශේෂයෙන් තමාට අවශ්‍ය මොනවාද තමන් කවුරු වීමට කැමතිද යන්න ආත්ම යන හැගීම තුළින් තීරණය වේ.මෙවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පුද්ගලයාගේ අනන්‍යතාවය තහවරු කරනුයේ ආත්ම සංකල්පය මගිනි. පුද්ගලයාගේ රැකියාව කෙරෙහි ඔහුගේ ආත්මය බලපානු ලබයි.ඒ අනුව තීරණ ගැනීම කෙරෙහි ආත්මය සංකල්පය වැදගත් වේ.
    එසේම ජීවන ආකල්ප හා වටිනාකම් තීරණ ගැනීම කෙරෙහි විශේෂයෙන්  බලපානු ලබයි. උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපනය ලැබු තරුණයෙකු පරීක්ෂණ තතතුරු කෙරෙහි ඇල්මක් දක්වනු ලැබේ. එහිදි විශේෂයෙන් අයතා ලෙස මුදල් ඉපයීම එහි ආකල්පය වන අතර අධ්‍යාපන මට්ටම ගැන තැකීමක් නොකරයි. මෙහිදි ආකල්ප තීරණ ගැනීම කෙරෙහි විශේෂයෙන් බලපානු ලැබේ.
    එසේම ජීවන දර්ශනයද තීරණ ගැනීම විෂයෙහි ප්‍ර‍ධාන වේ. ගැටලු සහ පිළිතුරු වලින් ජීවන දර්ශනය සමන් විත වී ඇත .එහිදි විශේෂයෙන් ජීවිතය පිළිබද ගැබුරු දර්ශනික දැක්ම සෑම තීරණයක් ගැනීම කෙරෙහිම බලපානු ලබයි. උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ශිෂ්‍ය සංගම් නියොජිතයෙකු වීම දැක්විය හැකිය.එහිදි එම තීරණය කෙරෙහි දර්ශනය පදනම් වන ආකාරය දැකගත හැකිය.
සාරාංශය
ඉහතින් සාකච්ඡා කළ කරුනු අනුව ඵලදායි තීරණ ගැනීම විද්‍යාවක් මෙන්ම කලාවක් වශයෙන් හැදින්විය හැකිය. ඒ අනුව ගැටලු විසදීම හා තීරණ ගැනීම අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙන අයුරු දැකගත හැකිය. එසේම ඵලදායි ලෙස ගැටලු නිරාකරණය සිදු කරනුයේ කෙසේද ගැටලුවේ ව්‍යුවහය හදුනාගන්නේ කෙසේද යනුවෙන් හදුනාගත හැකිය.










ආශ්‍රිත ග්‍ර‍න්ථ නාමාවලිය.
1.     අතුකෝරාල ,දයා රෝහණ , සමෘද්ධිමත් ජීවිතයකට මග, සංවර්දන මනෝවිද්‍ය චින්තන අධ්‍යන ආයතන, 2004.
2.     හපුආරච්චි ,ගාමිණි, මුලික මනෝවිද්‍ය ප්‍ර‍වේශය, සුසිත ප්‍ර‍කාශන 2011
3.     පේලි, චන්දන කුමාර , උපදේශන මනෝවිද්‍යාව , විලෝසිටි ප්‍ර‍කාශන 2012
4.     මාතුපෙම. ජී. ඒ ,ජීවන ගැටලු හා මනෝ විද්‍යාව, දයාවංශ ජයකොඩි ප්‍ර‍ාශකයෝ, කොළඹ,1984
5.     සිල්වා . පී.ජී. ඥානසිරි, මනෝ විද්‍යාව හැදින්වීමක් ,ගොඩගේ ප්‍ර‍ාශකයෝ කොළඹ,1993.
6.     Atkinson, Rita , introduction to psychology, new york Harcourt brace Jovanovich, 1983’
7.     Crano , William .D, social psychology, Illinois Dorsey Press, 1982’
8.     Goldstein , Jeffrey H, social psychology, New York academic press ,1980 ,
9.     Roediger, Henry  , psychology, Boston little, 1984.
10.                                            Tajfel,henri ,introducing social psychology, London penguin , 1978

නිදහස් ඇමරිකාවේ ප්‍ර‍ථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 

( නිබන්ධන සදහා විශේෂයි)

ඇමරිකාවේ දේශපාලන ව්‍යුවහයේ පෙරළියක් සිදු කළ දේශපාලනික නායකයෙක් ලෙස ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපති වරයා විය. වතු වැවිලිකරුවෙකු හා මිනින්දෝරු වරයෙක් වු ජෝර්ජ් වොෂිංටන් ඇමරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමෙදි එහි මුලිකත්වය ගත් ආදී පීතෘ වරුන් අතරින් අයෙක් ලෙස සැලකේ .
          මෙලෙස විකාශනයට පත් වන  වොෂිංටන් චරිතයෙහි වොෂින්ටන් ළමා කාලය කෙරෙහි අවධානය යොමු කිරීම වටී. ජෝර්ජ් වොෂිංටන්ගේ පියා ඔගස්ටින් වොෂිංටන් වන අතර ඔහු දුම්කොළ වගාවේ නිරත වු වතු වැවිලි කරුවෙකි. ඔහුට ජේන් බට්ලර් නැමැති පළමු විවාහයේ බිරිදගෙන් ලැබී දරුවන් හතර  දෙනෙක් සිටියහ. ලෝරන්ස් හා ඔගස්ටින් යන පුතුන් දෙදෙනා හැරෙන්නට අනෙක් දරුනවන් දෙදෙනා ළමා කාලයේදි මිය ගියහ. ඔගස්ටින් දෙවෙනි විවාහය මේරි බෝල් නැමැති තැනැත්තිය සමග සිදු වුනි. ඔහුගේ වැඩිමහල් පුතුනුවන් ජෝර්ජ් වොෂිංටන්ය. මෙහු ධ්‍යාපනය ලබන්නේ එක් පන්ති කාමරයක්  පැවති පාසලකය. ඔහු , ඔහුගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එතරම් සෑහිමකට පත්ව නොතිබුණු අතර නිරන්තරයෙන් ගුරුවරයාට මැසිවිලි නගන්නට වූහ. නමුදු ඔහු නිවසේ පුස්තකාලය භාවිතා කොට බොහෝ පරිපාලන සහ වගා කටයුතු පිළිබද ඉගෙන ගන්නට වූහ. දේහ ශක්තියෙන් හා ජවයෙන් සපිරි කඩවසම් තරුණයෙකු වූ ජෝර්ජ් වොෂිංටන් දක්ෂ ක්‍රිඩකයෙක් සේම අශ්වාරෝහකයෙක් විය. ඔහු නිරන්තරයෙන්ම පොත පත ආශ්‍රයෙන් උගත්තේය.
          ලන්ඩන්  අධ්‍යාපනය නිම කළ ජෝර්ජ් වොෂිංටන්ගේ සහෝදරයා වූ ලෝරන්ස්ගේ පැමිණිමත් සමගම ඔහු නිරන්තර ඇසරු කිරිමට වඩා ප්‍රිය බවක් දැක්වූහ. ඒ ඔහුගේ මනා හැදියාව හා නුවණ නිසාවෙනි . ජෝර්ජ් වොෂිංටන්ට වයස අවුරුදු 11 සම්පූර්ණ වීමත් සමග පියා මිය ගියේ ය. දේපලෙන් වැඩි උරුමය ලෝරන්ස්ට පැවරුණි. ජෝර්ජ් ට හිමි  වූයේ ෆේරි නම් කුඩා වතු යායාක් සහ තවත් ඉඩම් කැබලි කිහිපයකුත් සමග වහලුන් 10 දෙනෙකි .
          ජෝර්ජ් වොෂිංටන් නිරන්තරයේන් පොත පත ඇසුරු  කළ අයෙක් බැවින් මිනින්දෝරු තාක්ෂණය ඉගෙන තිබුණි. ආදායමක් ලබා ගැනීමට මිස එය වෘත්තියක් ලෙස සිදු කිරීමට ජෝර්ජ් වොෂිංටන්ට අවශ්‍ය නොවනු අතර ජෝර්ජ් කර්නල් විලියම් ‍‍ෆෙයාෆැක්ස්‍ගේ මිනින්දෝරු වැඩ සදහා පුහුණුවක් ලබා ගෙන තිබුණි. වයස අවුරුදු 18 දි ඔහු වසරකට මිනින්දෝරු වැඩ වලින් බ්‍රිතානය පවුම් වලින් 125 උපයන්නට සමත් විය. මෙලෙස 1753 පෙබරවාරි 1 ජෝර්ජ් වොෂිංටන් වර්ජීනියා ප්‍රාන්ත මිලිෂියාවේ සහකාර දිස්ත්‍රික් නිළධාරි වරයෙක් ලෙස තනතුරු ලැබීය. ඒ සිය සහොදරයාගේ අභාවයෙන් හිස් වු පදවිය. කොටස් 4 බෙදි යාමෙන් ඔහුට ලැබු තනතුරකි .එයින් ඔහුට මේජර් නිළ නාමයක් ලැබුණි. ජෝර්ජ් වොෂිංටන් වසර 21 දි අක්කර 1400 වඩා ඉජම් අයිතියක් සතු වුවත් ඒ බිම් වල වගා කටයුතු පටන් ගැනීම සදහා ප්‍රග්ධනයක් නොතිබුණි.
          1754 දි වර්ජිනියාවේ යටත් විජිත ආණ්ඩුකාර වරයා වූ රොබට් ඩින්විඩි විසින් එහි මිලිෂියා රෙජමෙන්තුවක් පිහිටුවන ලදි . එහි ලුතිනල් කර්නල් පදවිය සදහා ජෝර්ජ් වොෂිංටන් උසස් වීමක් ලැබීය. ඔහු අයිති වු මිලිෂීයා හමුදාවේ වැඩ බලන නිළධාරියා වූයේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක් වූ ජොසුවා ෆයි නැමැත්තාය. කර්නල් වරයෙකු වූ  ෆයිගේ අභාවයෙන් පසුව වොෂින්ටන්ට කර්නල් පදවිය ලැබී එහි අණදෙන නිළධාරියා බවට පත්විය. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර යුධ උත්සන්න වෙද්දි වර්ජීනියාවේ යටත් විජිත ආණ්ඩුකාර වරයා වූ රොබට් ඩිනිවිඩි හට බ්‍රිතාන්‍යයෙන් අණක්  ලැබුණේ ප්‍රංශ හමුදාවන්ට තවත පහළට පැමිණිමට ඉඩ නොදෙන ලෙසය . ප්‍රංශ හමුදාව වෙත මෙම පණිවිඩය ගෙන යාමට කෙනෙක් නොමැති වූ බැවින් ජෝර්ජ් වොෂිංටන් විසින් මෙම අභියෝගය බාර ගන්නට විය. ජෝර්ජ් වොෂිංටන් ගමන ආරම්භ කරන්නේ 1753 ඔක්තොම්බර් මාසයේදීය. තමා ගෙන ආ බ්‍රිතාන්‍ය පණිවුඩය ප්‍රංශ හමුදාවේ අණ දෙන නිළධාරියා අතට දුන් පසු ඔවුන් සමග රාත්‍රි භෝජන සංග්‍රහයටද සහභාගි වන්නට ජෝර්ජ් වොෂිංටන් අවස්ථාව ලැබුණි.
          ප්‍රංශ හමුදාවන් නතර කිරිමේ මෙහෙයට ‍ ජෝර්ජ් වොෂිංටන් ද  එක් වන්නට වූයේය .  ප්‍රංශ ජාතිකයන්ට විරුද්ධ වු ස්වදේශිය ඉන්දියානු ටැනචැරිසන් නොහොත් “බාග රජු” යැයි නම් දැරු පුද්ගලයා ජෝර්ජ් වොෂිංටන්ගේ සහයට පැමිණාය්ය. 1754 දි “නෙසැසිටි” බලකොටුවේදි ජෝර්ජ් වොෂිංටන් ඇතුළු පිරිසට පහර දී ඔවුන් සිර භාරයට ගන්නට ප්‍රංශ හමුදාව සමත් වේ .1755 උතුරු ඇමරිකාවට ප්‍රංශයත් බ්‍රිතාන්‍යත් විසින් හමුදාවන් එවන ලද වසරකි. නිල වශයෙන් යුද්ධ ඇර‍බෙන්නේ 1756 දීය.
          ම්ලීෂියාවෙන් සමුගෙන මවුන්ටන් වර්න්හි වගා කටයුතු වල නිරත වී සිටි ජෝර්ජ් වොෂිංටන් පටෝමික්  ගග දිගේ රැගෙන යන්නා වූ අවි ආයුධ පිරි නැව් බලමින් තුවක්කු වලින් නැගෙන වෙඩි හඩ අසමින් තවමන් බ්‍රිතාන්‍ය හමුදාවට එක් වන්නට බලා සිටියේය. මුදල් නොගෙවා සිය පළපුරුද්ද හා අතීත දස්කම් වලට හමුදාවේ කොමිසමක් හේ බලාපොරොත්තු වූවේය. එහෙත් අවසානයේ ඔහු වේතනයක් නැතිව ස්වේච්ඡා සේවයට එක් විය. ඔහුට වර්ජීනියාවේ මිලිෂියාවේ කර්නල් පදවියෙන් යුතුව යුධ පිටායේ පුහුණුව ලබන්නට අවස්ථාව උදා විය.
          1775 මැයි 10 දින ජෝර්ජ් වොෂිංටන්‍, ‍ජනරාල් බ්‍රැඩ්ඩොක් ඇතුළු පිරිසක් සමග කම්බර්ලන්ඩ් බලකොටුව බලා පිටත් විය. බ්‍රිතාන්‍ය රාජකීය රෙජිමේන්තුවේ බලඇණි දෙකෙහි පිරිස එක් දහස් හාරසියක් විය. මෙම ගමන් මාර්ගයෙදි ජෝර්ජ් වොෂිංටන්ට උණකින් පෙළිමට සිදු විය. ඉන් සුවය ලබා ඔවුන්ට යලි එකතු වීමෙදි ප්‍රංශ හමුදාවන්ට පහර දිමට ගිය බ්‍රැඩ්ඩොක් ඇතුළු පිරිස ඉන්දියානුවන් සමග ආ ප්‍රංශ හමුදාවට වටකර ගන්නට හැකි විය. ජනරාල් බ්‍රැඩ්ඩොක්ගේ පෙනහළු   වලට වැදුණු වෙඩි උණඩය හේතු වෙන් බොහොමයක් මෙහෙය වීම් ජෝර්ජ් වොෂිංටන්ට කරන්නට සිදු විය. එක් පැත්තකින් ප්‍රංශ භටයන් පහර දුන්හ අනෙක් පැත්තේන් ගොත්‍රික ස්වදේශ ඉන්දියානුවන් පහර දුන්හ වර්ජීනියා ආණ්ඩූකාර ඩින්වීඩි නැවට ප්‍රන්ත ආරක්ෂාවට මිලිෂියා බටයන් හා ජෝර්ජ් වොෂිංටන් ව කැදවා ගත්හ . අණ දෙන නිළධාරියෙකුගෙන්ද , හමුදා නඩත්තුව සදහා ප්‍රමාණවත් මුදල් නොමැතිව සටන් වැදිය නොහැකි යැයි ජෝර්ජ් වොෂිංටන් කියු බැවින් ආණ්ඩුකාරවරයා හා මෙතෙක් තිබු හොද හිත පළුදු වී ගියේය . එහෙත් වෙනත් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැති හෙයින් 1775 වසර අවසන් භාගයේදීත් ඔහු වර්ජීනියා මිලිෂියා හමුදාවේ අණ  දෙන නිළධාරියා විසින් පත් වීම භාර ගත්තේ ය. හැම අත යන ජෝර්ජ් වොෂිංටන් නිතරම ක්‍රියාත්මක කළ තමන්ට ඉහලින් තිබු විධි විධානයන් ය. ඔහුගේ අදහස් වලට කිසිවෙක් සවන් නොදුන්හ .
          ප්‍රංශ ඉන්දියානු යුද්ධය 1756 සිට 1763  දක්වා වසර 7 පැවතුනි . ප්‍රංශ ඉන්දියන් යුද්දයත් ප්‍රංශය  පරාජය විය . මහා බ්‍රිතාන්‍ය ජය ලැබීය . රණවිරුවෙක් ලෙසින් ජෝර්ජ් වොෂිංටන් කීර්තියක් අත් කරගත්තේය. එහෙත් ඔහුට පදක්කම් හෝ බ්‍රිතාන්‍ය හමුදා කොමිසමක් ලැබුණේ නැත . 1757 දෙසැම්බර් 26 වැනිදා ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් විය
          ‍ ජෝර්ජ් වොෂිංටන්ගේ විවාහය පිළිබද දැක්වීමේදි වර්ජීනියා වතු යායක  උපන් මාරතා ඩැන්ඩ්‍ර්ජ් වයස  අවුරුදු 13 දි ඩැනියෙල් පාර්කර් කස්ටිස් හා විවාහ විය. ඔවුනට දරුවන් දෙනෙක් ලැබුවද ලා බාල වියේදි ම මිය ගියහ . මාර්තා සිය සැමියාගේ මරණයේන් පසුව ‍ ජෝර්ජ් වොෂිංටන් හා සම්බන්ධ වන අතර 1759 ජනවාරි 6 වැනිදා ඔවුන් විවාහ වනනේය.  මාර්තා සමග විවාහයෙන් පසු ලැබෙන මුදල් ආයොජනයෙන් වගා කටයුතු මනාව කරගෙන යන ජෝර්ජ් වොෂිංටන් සියලු වියදම් හා ලාබයන් සටහන් කර තබයි. මවුන්වර්නන් වත්තේ වැවෙන දුම් කොල  ප්‍රමාණය වසරකට රාත්තල්  අසු දහසක් යැයි සටහනක ඇත .
          බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත් විජිත යුද්ධ වලදි තමන් ගත් ණය පියවා ගත නොහැකිව ඒ මුදල් යටත් විජිත ඇමරිකාවේ බදු වලින් අය කර ගනීමට පටන් ගනි ඇමරිකාවේ වැසියන් මෙතෙක් බදු ගෙව්වෙ ප්‍රාන්ත පාලක නියෝජිත මඩුල්ල වෙතය. එහෙත් මුද්දර බද්ද නම් වු ඇමරිකාවේ භාවිතා වූ භාණ්ඩ 43 බදු පැන විනි. බදු වලට එරෙහි වු ජනතාව වර්ජීනියාවේ වර්ජේසස් මඩුල්ලේ රැස් වී බ්‍රිතාන්‍යට බදු ගැන අකමැත්ත ප්‍රකාශ කලහ. ජෝර්ජ් වොෂිංටන් ද ඊට එකතු විය.
          “මුදල් ලබා ගැනීමට ඔබගේ පසුම්බියට අත දැමීමට ඔබගේ අනුමැතිය නැතිව මට වරම් නැත්තා සේ මාගේ අනුමැතිය නොමැතිව මාගේ පොකට්ටුවට අත දැමිමට බ්‍රිතාන්‍ය රජයට වරම් නැත. මෙය දැනටමත් කීප වතාවක්ම  යටත් විජිත ප්‍රාන්ත එම රජයට කාරුණිකව    මෙන් ස්ථිර ලෙසින් දන්වා ඇත . ඓසේ පවතිත්දි ඔවුන්ගෙන් අපි කෙසේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙමුද” යැයි ජෝර්ජ් වොෂිංටන් 1774 දි ලියු ලිපියක සදහන් වෙයි. යටත් විජිත පාලනයන්හි පාලන මණ්ඩල වලට  නියෝජිතයන් තෝරා පත් වුයේ ඡන්දයෙනි. මුද්දර බද්දකින් ඇමරිකාවේ භාවිත වු භාණඩ හා සේවාවන් 43 කට බදු වැටෙද්දි නියෝජිතයන් නොමැතිව තමන් වෙනුවෙන් තීරණ ගන්නවා යැයි. විරෝධතාවය තැනින් තැන පටන් ගැනුනි. ජෝර්ජ් වොෂිංටන් නිදහස් විප්ලවයට සුදානම් වුයේ තම ස්වේච්ඡා මිලිෂියා හමුදාවට තම මුදල් වලින් ආයුධ සැපයීමෙනි.
          1775 මැයි 10 වෙනි දින දෙවෙනි කොන්ටිනෙන්ටල් කොංග්‍රසය හමුවූහ. ඊට හමුදා වර්ජීනියා මිලිෂියා හමුදාවේ නිල ඇදුමෙන් සැරසි ගියේ ජෝර්ජ් වොෂිංටන්ය. ඔහු හමුදා නිල ඇදුමේන් සැරසි ආ එකම පුද්ගලයා විය. දෙවෙනි කොංග්‍රසයේ ප්‍රධාන කාර්ය යටත් විජිත ඇමරිකානු හමුදා මෙහෙය වීම සදහා නාය‍කයෙකු තොරා පත් කර ගැනීමයි. කොංග්‍රසය ඇමතු ජෝන් ඇඩමික් ,‍ ජෝර්ජ් වොෂිංටන් හමුදාපති තනතුර සදහා යෝජනා කළේය. ඇමරිකන් නිදහස් වෙනුවෙන් දැනට රැස් වී ඇති සහ ඉදිරියේදි  රැස් කරණ සියලු හමුදා වල ජෙනරාල් වරයා ලෙස ජෝර්ජ් වොෂිංටන් පත් කරන්නට සභාව තීරණය කළහ. වාද වාවාද සියල්ලෙන් පසුව 1775 ජුනි 15 වෙනිදා ඇමරිකන් මහද්වීප හමුදාවේ ජනරාල් වරයා ලෙස ඒකමතික ඡන්දයෙන් තොරා ගත් කර ගත්තේ ය.
          දක්ෂ හා උගත් කතිකයන් අතර සබකෝලයෙනක් හා වෙව්ලමින්  ලියා ගත් කොලයක් දිහා බලාගෙන කතාවක් පැවැත්වූ එකම පුද්ගලයා ජෝර්ජ් වොෂිංටන් විය. ඇමරිකන් නිදහස් අරගලයේ තීරණාත්මක සටන් මෙසේය.
·        1775 ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩි සටන ඇමරිකාව දිනුවේ ය.
·        1775 වර්කර් හි සටන බ්‍රිතාන්‍ය එය ජය ලැබීය.
·        1776 නිව්යොක් සටන බ්‍රිතාන්‍ය ජය ලැබීය.
·        1776 ට්‍රෙන්ඩන් සටන ඇමරිකාව දිනා ගනී.
·        1777  සරටෝගා සටන ඇමරිකාව දිනා ගනී.
·        1779 සැවෑනාග් සටන බ්‍රිතාන්‍ය දිනුවේ ය.
·        1780 වාල්ස්ටන් සටනද බ්‍රිතාන්‍ය සටන දිනුවේ .
·        1781 කවිපෙන්ස් සටන ඇමරිකාව ජය ගනී.
·        1781 යෝර්ක්ටවුන් සටන ඇමරිකාව ජය ගනී.
හමුදාවේ  නායකයා ලෙස පත් වූ දිනයේ පටන් යුධ පිටියේ රැදි
සිටි ජෝර්ජ් හමුදා පති කොමිසම මැනවින් ඉටු කර ආපසු නිල වශයෙන් කොංග්‍රසයට බාර දේ . ජෝර්ජ් වොෂිංටන් යුද්ධයේ නිරත වූ කාලයේ වතු පිටි පාලනය අකාර්යක්ෂම වුවේන් ඔහු නැවතත් වගා කටයුතු කිරීමට කටයුතු කළේය . නමුත් වැඩි කලක් නොගිහින් රාටේ ප්‍රන්ත ආණ්ඩු වලට පෙඩරල් ආණ්ඩුවක අවශ්‍යතාවය දැඩිව දැනුනු අතර ඔවුන් රටේ ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා බහ කරන්නට පටන් ගති. ෆිලඩෙල් ෆියාවේ දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්ථාපන සම්මන්ත්‍රණය පැවැත්විනි . රට මෙහෙයවන ලද පොදු යන්ත්‍රයක් ත්‍රළ එහි නායකයා කවුදැයි කතා බහට ලක් වින . ජනාධිපති යන තනතුර පිහිටුවන්නටත් ඊට පැවරෙන බලතල ගැන කතා කරන්නට විය. එයට සුදුසු කවුදැයි ඒ පුද්ගලයා තොරා ගන්නේ කේසේ දැයි සාකච්ඡාවන්ට ලක් විය. විවිධ ප්‍රන්ත නියෝජනය කරමින් කොංග්‍රසය සභිකයන් 53 විසින් ෆිලඩෙල් ෆියාවේ පැවැත්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්ථාපන සම්මන්ත්‍රණය 1787 මැයි 25 වැනිදා පැවැත්වෙන්නේ නූතනයේ  නිදහස් ශාලාව නම් හැදින්වෙන එදා පෙන්සිල්වේනියාවේ ප්‍රන්ත නිවසෙහිය. ප්‍රන්ත 13 කින් ආණ්ඩු නියොජිතයින් එක් වී ‍ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවා 1787 සැප්තැම්බර් 17 වෙනිදා ඔවුන් ව්‍යවස්ථාව අනුමත කරන ලදි. ආපසු මවුන්ට්වර්නන් බලා ජෝර්ජ් වොෂිංටන් ට විශාම යන්නට ඉඩ නොදි ඇමරිකන් කොංග්‍රසය එහි උස්සම තනතුර වූ ජනාධිපති ධුරයට ඒක මතික ඡන්දයකින් ඔහුව තොරා ගැනිනි.
1789 අප්‍රෙල් 30 වෙනිදා ඔහු ජනාධිපති ලෙසින් දිවුරම් දුන්නේ ය. නව ආණ්ඩුවේ උසස් හා සුළු නිලධාරින් බොහෝමයක් පත් කරන ලද්දේ ඔහු විසිනි . දහසකට ආසන්න පිරිසක් ඔහු විසින් තේරි පත් වී ඇත . ජනතාව අතින් තේරි පත් වු ලොව එකම නායකයා ලෙසිනි වගකීම් රකින්නට හා ආදර්ශයක් ලෙසින් හැසිරන්නට වග බලා ගත්තේ ය. තමාට එක්සත් ජනපදයේ ජනාධිපති යැයි කියන්නටත් කෙටියේන් කියද්දි.
          “ජනාධිපති මහත්මයාණෙනි”
යැයි අමතන්නටත් කියු ඔහු රජෙකුගේ අධිරාජයක් නොව සමුහාන්ඩුවක් බවට පැහැදිළි කළේය .
          ප්‍රංශ විප්ලවය ගැන ඇසු ජෝර්ජ් වොෂිංටන් සිය සංවේගය ප්‍රකාශ කළා යැයි සැලකේ ඇමරිකන් නිදහස් විපිලවයට අත දුන් නිසා ප්‍රංශයේ සහයට යා යුතු යැයි කොංග්‍රසයේ සමහරු කියා සිටියත් ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් කියා සිටියේ විදේශ අරගල මග හැර ආර්ථික සබදතා පමණක් වර්ධනය කළ යුතු යැයි කියා ය. තෝමස් ජෙෆසන් හමුව ප්‍රජාත්‍රන්තවාදි සමුහාන්ඩු පක්ෂයද ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ප්‍රමුඛ ෆෙඩරල් වාදි පක්ෂයද බිහි විය ඒ පක්ෂ දෙසටම අයත් නොවු ජෝර්ජ් වොෂිංටන් තවත් පාලන සමයක ජනාධිපති වශයෙන් කටයුතු කරන්න යැයි සමස්ථ කොංග්‍රසය ඉල්ලා සිටියහ නැවත වරක් කොංග්‍රසයේ ඒක මතික තිරණයෙන් ජෝර්ජ් වොෂිංටන්  1793 මාර්තු 4 වෙනිදා දෙවන වාරයටද ජනාධිපති වශයෙන්  පත් වේ. 3 වන වාරයක්ද ජෝර්ජ් වොෂිංටන් වෙත පැවරීමට කොංග්‍රසය කැමති වූහ. ඒත් ඊට ජෝර්ජ් වොෂිංටන් අකමැති වේ 1796 සැත්තැම්බර් 19 වෙනිදා දිනපතා ඇමරිකන් දැන්වීම් කරු නම් වු පුවත්පතෙහි තම සමු ගැන්මේ ඇමතීම පළ කළ ජෝර්ජ් වොෂිංටන් තනතුර ප්‍රතික්ශේප කර මවුන්වර්නන්  බලා ගියේය.
          1799 දි ‍ ජෝර්ජ් වොෂිංටන් සිය අන්තිම කැමති පත්‍රයෙන් සිය උරුමය මාර්තා වෙත පැවරීය. තම මරණයෙන් පසු වහල් සේවකයන් නිදහස් කරන්න යැයි ඉන් ඔහු ඉල්ලා සිටියේ ය. 1799  දෙසැම්බර් 14 දින ජෝර්ජ් වොෂිංටන් අවදි වුයේ උගුරේ වේදනාවකිනි . ඔහුට හුස්ම ඉහළ පහළ ගැනීම අසීරු විය . ඔහු සිය නිදි යහනේ මිය යන්නේ එදිනය.

          “ මුළු ලෝක ඉතිහාසයේම බලය ‍නිසා වෙනස් නොවුණු අය ටික දෙනෙකු අතරට ජෝර්ජ් වොෂිංටන් අයත් ය.”
යැයි කියනිනේ 20 වන සියවසේ කවියෙක් වන ‍රොබට් ෆොස්ට් විසිනි . මෙලෙස විකාශයට පත් වන වොෂින්ටන් චරිතය නිදහස් ඇමරිකාවන් ගොඩ නැගීම සදහා විශාල පරිශ්‍රමයක් දැරු අයෙකි මෙම එඩිතර නායකත්වය ඇමරිකාව සදහා නව ආණඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට සමත් වේ . 1787 දි සකස් කළ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති පති වරයෙකුගෙන් සමන්විත සන්ධීය හෙවත් ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් සකස් කර ගැනීමට ඇමරිකාවට හැකි විය.
          මෙලෙස ඔවුන් විසින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දක්නට ලැබුණු  මූලිකම ලක්ෂයක් ලෙස මිනිස් අයිතිවාසිකම් තහවරු කර ගැනීම පෙන්වා දිය හැකිය. නිදහස් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ධුරය හොබවන ජෝර්ජ් වොෂිංටන් දේශපාලන පක්ෂ පදනමකින් තොරව බලයට පත් වන්නට විය . අවුරුදු 8 වූ එතුමාගේ පළමු  රාජ්‍ය කාලය තුළ දේශපාලන පක්ෂ බිහි වනවාට එතුමා වැඩි කැමැත්තක් නොදැක්වී ය. නමුත් ප්‍රති විරෝධි අදහස් හමුවේ නොබෝ කලකින්ම දේශපාලන පක්ෂයන් නිර්මාණය වීමක් දක්නට ලැබුණු අතර ජෝර්ජ් වොෂිංටන්ගේ ආණ්ඩුවේ සාමාජිකයන් වු ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් , ජෝන් ඇඩම්ස් ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගන්නට වූයේය මීට ජෝර්ජ් වොෂිංටන් ද ගොදුරු වන්නට  විය.
          මෙලෙස ඇමරිකාවේ දේශපාලනයට ව්‍යවස්ථාවට අධිකරනයට මෙන්ම ආර්ථික, සාමාජීය වු සෑම සංස්ථාවකටම විශාල ලෙස සේවය කරමින් ඊට අනුග්‍රහය දක්වමින් සිය දේශපාලන දිවිය ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් රණකාමි දිවියක් ගත කළ නාය‍කයෙකු ලෙසත් අද වන විටද සියලු ප්‍රජාවන්ගේ මතකයේ රැදුණු චරිතයක් ලෙසට ජෝර්ජ් වොෂිංටන් නාමය හැදින්විය හැකිය.